Skip to playerSkip to main content
  • 11 years ago
රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ

පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇඳුණා

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

පද රචනය :- උපාලි ධනවලවිතාන
ගායනය :- විජය කුමාරතුංග

Category

🎵
Music
Be the first to comment
Add your comment

Recommended