ලසන්ත ඝාතකයා තමන් බව ෆොන්සේකාට අමතක වෙලා....

  • 7 years ago
කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

එය තවදුරටත් තහවුරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමට මෙහෙයුම දියත් කිරිම සම්බන්ධයෙන් ද ෆොන්සේකා වරදකරු වෙකු විම වැලැක්වීමට කල හැකි හොදම දේ පසුගියදා නීතිය භාවිතා කරමින් කල බව අමතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.

පසුගියදා බලහත්කාරයෙන්ම රහස් පොලිසියට ගිය ෆොන්සේකා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂලා මත වරද පැටවිමට අදාළ පච ටොන් ගණනක් පටවා පැමිණියද ඇත්තටම සිදුවු දේ චම්පික මෙන්ම ෆොන්සේකාද හොදින් දනී. අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන්ද මාධ්‍යවේදීන් ෆොන්සේකා කල චොදනාව සම්බන්ධයෙන් විමසිමක් කළා.