Skip to playerSkip to main content
  • 11 years ago
Suwadathi Kusumaka - Neela Wickramasinghe - Mervin Perera -සුවඳැති කුසුමක

සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි
මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි
සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි

ගායනය : නීලා වික්‍රමසිංහ සහ මර්වින් පෙරේරා
නිර්මාණය: රොෂාන් මංජුල වික්‍රමසිංහ

Category

🎵
Music
Comments

Recommended