Skip to playerSkip to main content
  • 11 years ago
Giman Harina Diyaba Dige - ගිමන් හරින දියඹ දිගේ - W D Amaradewa

ගායනය : පණ්ඩිත් අමරදේව
පද වැල් : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන
නිරමාණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
ර‍ටා මවනවා...

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...


නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...

Category

🎵
Music
Comments

Recommended