නොසිතූ මොහොතක අවාසනාවන්ත ලෙස වියෝවූ බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගෙ අවසන් වීඩියෝව - shridewi last video

  • 6 years ago
බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනියක වූ ශ්‍රී දේවී කපූර් හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා..
ඩුබායිහි පැවති පවුලේ ඥාතියෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇය හදිසියේ මියගොස් ඇති බව වාර්තා වනවා.
වයස අවුරුදු හතරේ සිට රංගනයට දායක වී ඇති ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ සහ හින්දි භාෂාවලින් චිත්‍රපට 150ක පමණ රඟපා තිබේ.

ආදායම් වාර්තා බිද හෙලූ චිත්‍රපට රැසක් වෙනුවෙන් රංගනයේ නිරත ඇයගේ ජනප්‍රිය චිත්‍රපට අතර මිස්ටර් ඉන්ඩියා, චාන්ද්නී, චාල්බාස්, සද්මා සහ ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ් වේ.

ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබා ඇති ශ්‍රී දේවී කපූර් මියයන විට 54 වන වියේ පසුවිය.

Recommended