01 වන කොටස - නිකිටා සිංහල උපසිරැසි සමග | NIKITA with sinhala subtitles - S01 - Ep01

  • 4 years ago
01 වන කොටස - නිකිටා සිංහල උපසිරැසි සමග | NIKITA with sinhala subtitles - S01 - Ep01



මේ කතාව ආවරණය කරන්නේ නිකීටා කියන ප්‍රධාන චරිතයක්. ඒ වගේම තමයි මේ කතාව මධ්‍යගත කරගෙන තියෙන්නේ රජයෙන් පවත්වාගෙන යන ඩිවිශන් (Division) නම් රහසිගත (Black Ops)ක්‍රියාන්විත සංවිධානයක්. මේ සංවිධානය විසින් සමාජයේ කැපී පෙනෙන්නේ නැති, විවිද දුරාචාරයන් වලට අසුවුනු හෝ අපරාධයන් සිදු කරලා හිරේට නියම වන තරුණ තරුණියන්ව රහසින් ඒ සංවිධානයට බඳවා ගන්නවා. ඒ කියන්නේ සැබෑ ලෝකයට මෙයාලා මැරුණූ අය පමණයි. මේ විදියට බඳවා ගන්න අයව මේ ඩිවිශන් විසින් සෑම අන්දමකම පුහුණුවන් සහිත ඔත්තුකරුවන් සහ ඝාතකයින්, මිනීමරුවන් විදියට පුහුණු කරනවා. මේ සංවිධානයේම පුහුණුව ලබපු කෙනෙක් තමයි අද ඉඳන් අපි මේ බලන්න සූදානම් වෙන කතාවේ කතා නායිකාවත්. නමුත් නිකීටාගේ විශේෂය තමයි මේ සංවිධානයෙන් පැනගත්තු පලමු කෙනා වීම. මේ විදියට මේ සංවිධානයෙන් පැනලා ගියෝතින් හෝ සංවිධානයට විරුද්ධව වැඩ කරනවා නම් එයාලව ඩිවිශන් විසින් කැන්සල් කරලා දානවා. (ඒ කියන්නේ මරලා දානවා). ඩිවිශන් කියන සංවිධානය පිහිටුවලා තියෙන්නේ රජයේ රහසිගත මෙහෙයුම් සිදු කරන්න. කොටින්ම කිව්වොත් මේ වගේ සංවිධානයක් තියෙනවා කියලා ඇමරිකාවේ ජනාධිපතිතුමාවත් දන්නේ නෑ. මේ ඩිවිශන් වල ප්‍රධානියා තමයි පර්සි කියලා කියන්නේ. නමුත් රජය වෙනුවෙන් වැඩ කරන මේ සංවිධානයෙන් ඇයි මේ නිකීටා පැනලා යන්නේ? ඒ වගේම ඇයි ඇය මේකට විරුද්ධව වැඩ කරන්නේ? ඒකට හේතුව තමයි, රජය වෙනුවෙන් වැඩ කරපු ඩිවිශන්, රජය වෙනුවෙන් පමණක් නැතිව විවිධ අපරාධ සංවිධාන වෙනුවෙන් කුලී වැඩ කරන තැනක් බවට පත්වීම. මේ නිසා මේ ඩිවිශන් වලින් විටින් විට තමුන්ගේම රජයට විරෝධීව පවා කටයුතු සිද්ධ කරනවා. නමුත් මේ පිලිබඳව මේ ඩිවිශන් තුල සිටින බොහෝ ආධුනිකයින් දන්නෙ නෑ. ඔවුන් හිතන්නේ තමුන් තමුන්ගේ රට වෙනුවෙන් සේවයක් කරනවා කියලා විතරයි. නමුත් මේ පිලිබඳව දැනගන්න නිසාවෙන් තමයි නිකීටා ඩිවිශන් වලින් පැනලා ගිහින් ඩිවිශන් විනාශ කිරීමේ අරමුණින් ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්නේ.

Recommended